වැල්ලවාය ඌව කුඩාඔය පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් ඌව කුඩාඔය තිස් අට ප්‍රදේශයේ නිවසක සූදුපොලක් පවත්වාගෙන යන බවට ලද තොරතුරක් අනුව එම සූදු පොල වැටලීමට ගොස් තිබෙනවා.
එම අවස්ථාවේ දී එහි සිටි පිරිසක් විසින් පොලිස් නිලධාරීන් දෙදෙනාට පහර දී ඇති අතර පහරදීම නිසා තුවාල ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනා ප්‍රතිකාර සඳහා වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
ඊට අමතරව සැකකාර නිවසේ සිටි පුද්ගලයාද පොලීසිය තමන්ට පහර දුන් බව පවසා තණමල්විල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබෙනවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් කිසිවෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් කුඩාඔය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදුකරනවා.

Trends is an amazing magazine Blogger theme that is easy to customize for your needs
No comments
Post a Comment