එළැඹෙන ජනාධිපතිවරණයට අදාළව නාමයෝජනා භාර ගැනෙන අගෝස්තු 15 වැනිදා මැතිවරණ කොමිෂන් සභා කාර්යාලය පිහිටි සරණ මාවත ආශ්‍රිත ප්‍රදේශය විශේෂ ආරක්ෂක කලාපයක් ලෙස නම් කර තිබෙනවා.
එබැවින්, එදිනට එම ප්‍රදේශයට රාජකාරී හෝ වෙනත් කටයුතු සඳහා පැමිණීමෙන් වළකින ලෙසට ජනතාවගෙන් ඉල්ලා සිටින බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා සඳහන් කළා.
"මැතිවරණය සඳහා නාමයෝජනා භාරගැනීම මේ මස 15 වනදා පෙ.ව 9 - පෙ.ව 11 දක්වා කාලය තුළ සිදුකෙරෙනවා. එදිනම පෙ.ව 9 - පෙ.ව 11.30 දක්වා නාමයෝජනා සඳහා විරෝධතා දැක්වීමට කාලය වෙන් කරලා තියෙනවා. විශේෂයෙන්ම ඡන්ද අපේක්ෂකයින් සඳහා ස්වාධීනව ඉදිරිපත් වන හා වෙනත් පක්ෂවලින් ඉදිරිපත් වන අපේක්ෂකයින් සඳහා ලකුණු වෙන්කිරීම සිදුවන්නේ විරෝධතා කාලසීමාව අවසානයෙන් පසුවයි. මෙම කාලය තුළ මැතිවරණ කොමිෂන් සභා කාර්යාලය පිහිටි සරණ මාවත ආශ්‍රිත කලාපයට විශේෂිත ආරක්ෂක කලාපයක් හැටියට ප්‍රකාශයට පත්කරලා තියෙනවා. එම ස්ථානයට ඇතුළු විය හැක්කේ අවසරලත් පුද්ගලයින්ට සහ අවසරලත් වාහනවලට පමණයි. ඒ නිසා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා15 වෙනිදා දිනයේ දී සරණ මාවත ආශ්‍රිත රජයේ කාර්යාල හා රෝහල් එදින වසා තැබෙන බැවින් සාමාන්‍ය කටයුතු හෝ වෙනත් කටයුතු සඳහා පැමිණීමෙන් වළකින ලෙසය. නාමයෝජනා භාරදීමෙන් පසුව පෙළපාලි පැවැත්විය නොහැකියි. නාමයෝජනා භාරගෙන අවසන් වූ වහාම අපි ඡන්ද පත්‍රිකා මුද්‍රණ කටයුතු සිදුකරන්න බලාපොරොත්තු වෙනවා."
මේ අතර, මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ඊයේ නුවරඑළියේ පැවති වැඩසටහනකට එක්වීමෙන් අනතුරුව කියා සිටියේ, මේ වනවිට ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 320කට ආසන්න සංඛ්‍යාවක් ලැබී ඇති බවයි.



.jpeg)




Trends is an amazing magazine Blogger theme that is easy to customize for your needs