ගායන ශිල්පිනී කේ.සුජීවා මහත්මියට හදිසි ශල්‍යකර්මයක් සිදුකර ඇති අතර පැය 4ක පමණ කාලයක් ඒ සඳහා ගතව ඇති බව වාර්තා වනවා.
ප්ලාස්ටික් ශල්‍යවේදීන්, වැස්කියුල ශල්‍යවේදීන්, ඕතොපිඩික් ශල්‍යවේදීන් සහ සාමාන්‍ය ශල්‍යවේදීන් යන කණ්ඩායම් හතරක් ශල්‍යකර්මයට සහභාගි වී තිබෙන බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.
කකුලේ තුවාලය තරමක් බරපතල වුවත්, අස්ථි පසාරුවී නොමැති බව ද වාර්තා වනවා. කකුල කපා දැමීමෙන් තොරව බේරාගත හැකියයි විශේෂඥ වෛද්‍යවරුන් විශ්වාසය පළ කරන බවයි රෝහල් ආරංචි මාර්ග පැවසුවේ.

Trends is an amazing magazine Blogger theme that is easy to customize for your needs
No comments
Post a Comment