අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට පැමිණි වෙඩික්කරුවන් පළා යාම සඳහා යොදාගත් වෑන් රථයක් බුලත්සිංහල පොලිස් වසමේ තිබී හමුවී තිබෙනවා.
ඊයේ (08) සවස 6.15ට පමණ 119 හදිසි දුරකථන අංකයට ලද තොරතුරකට අනුව බුලත්සිංහල, අයගම, දෙල්මෑල්ල ප්‍රදේශයේ පාළු ඉඩමක තිබී එම වෑන් රථය සොයාගෙන ඇති බව වාර්තා වනවා.
එම වෑන් රථය අයගම දෙස සිට බුලත්සිංහල දෙසට පැමිණ ඇති බවට මේ වනවිට තොරතුරු වාර්තා වී තිබෙනවා.
අදාළ වෑන් රථයේ ඉදිරිපස හා පසුපස අංක තහඩු නොමැති අතර ආදායම් බලපත්‍රයේ පිටපතක්ද ඉදිරිපස වීදුරුවේ අලවා තිබුණා.

Trends is an amazing magazine Blogger theme that is easy to customize for your needs
No comments
Post a Comment