ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කිරීමට පියවර ගැනීමත් සමග මිල ප්‍රදර්ශනය නොකරන වෙළෙඳසැල් හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව පාරිභෝගික අධිකාරිය පවසනවා.
පාරිභෝගික අධිකාරියේ සභාපති ටී.අයි. උඩුවර මහතා සඳහන් කළේ අදාළ වැටලීම් සිදුකරන ලෙස විමර්ශන අංශයේ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බවයි.
එසේම කොළඹ දිස්ත්‍රික් සහකාර මිනුම් ඒකක ප්‍රමිති සේවා අධිකාරී දිල්රුක් පට්ටියපොල මහතා පවසා සිටියේ ජනවාරි මාසයේ සිට මේ දක්වා කාලසීමාව තුළ නීත්‍යානුකූල කිරුම් මිනුම් උපකරණ සම්බන්ධයෙන් සිදුකළ වැටලීම් වලදී 210 දෙනෙකුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි.

Trends is an amazing magazine Blogger theme that is easy to customize for your needs
No comments
Post a Comment