යාපනයේ සිට කතරගම දක්වා වන්දනාකරුවන් පිරිසක් රැගෙන යමින් තිබූ බස් රථයක් මූතූර් පොලිස් වසමට අයත් ගෙන්ගේ ප්‍රදේශයේදී අද (19) පස්වරුවේ මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ගොස් තිබෙන අතර එහිදී වන්දනාකරුවන් 52 දෙදෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බවයි වාර්තා වන්නේ.
බස් රථය අනතුරට ලක්වන අවස්ථාවේ වන්දනාකරුවන් 59 දෙනෙකු සිට ඇති අතර තුවාල ලැබූ 52ක් මූතූර් රෝහලට ඇතුළත් කරනු ලැබ තිබෙනවා.
ඉන් 50 දෙනෙකු සුළු තුවාල ලබා ඇති අතර දෙදෙනෙකුගේ දෑත්වලට හානි සිදුවී ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා..
සිද්ධිය සම්බන්ධයෙන් මූතුර් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි .

Trends is an amazing magazine Blogger theme that is easy to customize for your needs
No comments
Post a Comment