එළඹෙන ජනාධිපතිවරණයෙදී මැතිවරණ වියදම් නියාමන පනත අනිවාර්යයෙන්ම යොදා ගන්නා බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසන්නේ මෙම පනත ජනමත විචාරණයකට හැර මීළඟට පැවැත්වීමට නියමිත සෑම මැතිවරණයකටම යොදා ගන්නා බවයි.
එසේම මෙම මැතිවරණ වියදම් නියාමන පනත ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් පක්ෂ ලේකම්වරුන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු සියලු අංශ දැනුවත් කර ඇති බවත් මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා පවසනවා.

Trends is an amazing magazine Blogger theme that is easy to customize for your needs
No comments
Post a Comment