ශිෂ්‍යත්ව වාරික මුදල් ගිණුම්වලට යොමුකෙරේ

No comments 0

 

ජනාධිපති අරමුදල යටතේ ක්‍රියාත්මක ශිෂ්‍යත්ව වැඩසටහන් යටතේ සුදුසුකම් ලැබූ ශිෂ්‍යත්වලාභීන් සඳහා 2024 අගෝස්තු මාසයට අදාළ ශිෂ්‍යත්ව වාරික මුදල් අද (01) දින ශිෂ්‍යත්වලාභීන්ගේ බැංකු ගිණුම් වෙත සෘජුවම යොමු කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

මෙම ශිෂ්‍යත්ව වාරික මුදල් බැංකු වෙත යොමු කිරීමේදී ඒ පිළිබඳව කෙටි පණිවිඩයක් (SMS) මගින් සියලු ශිෂ්‍යත්වලාභීන්ට දැනුම් දී තිබුණා.

2022/2023 අ.පො.ස සාමාන්‍ය පෙළ සමත්ව අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන් 3,000ක් සඳහා මසකට රුපියල් 6,000 බැගින් ගෙවනු ලබන ශිෂ්‍යත්ව වාරික මුදලේ 17 වැනි වාරිකයද, 2023/2024 අ.පො.ස සාමාන්‍ය පෙළ සමත්ව අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන් 6,000ක් සඳහා මසකට රුපියල් 6,000 බැගින් ගෙවනු ලබන ශිෂ්‍යත්ව වාරික මුදලේ 06 වැනි වාරිකය ද අදාළ ගිණුම්වලට බැර කර තිබෙනවා.

එසේම 01 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණියේ දක්වා ඉගෙනුම ලබන සිසුන් 100,000ක් සඳහා මසකට රුපියල් 3,000 බැගින් ගෙවනු ලබන ශිෂ්‍යත්ව වාරික මුදලේ 05 වැනි වාරිකය සහ පිරිවෙන් හා සීල මාතා අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන , පිරිවෙන් (සාමාන්‍ය පෙළ)/අපොස සාමාන්‍ය පෙළ විභාග සමත්ව ප්‍රාචීන විභාග සඳහා හෝ අ.පො.ස උසස් පෙළ සඳහා පෙනී සිටින ගිහි පැවිදි සිසුන් 500ක් සඳහා මසකට රුපියල් 6,000 බැගින් ගෙවනු ලබන ශිෂ්‍යත්ව වාරික මුදලේ 04 වාරිකය ද අද දිනයේ දී ශිෂ්‍යත්වලාභීන්ගේ බැංකු ගිණුම් වෙත සෘජුවම යොමු කරනු ලැබුවා.

තවද පිරිවෙන් හා සීල මාතා අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන 01 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා වූ ගිහි පැවිදි සිසුන් 3,000ක් සඳහා මසකට රුපියල් 3,000 බැගින් ගෙවනු ලබන ශිෂ්‍යත්ව වාරික මුදලේ 04 වාරිකයට අදාළ මුදල්ද ශිෂ්‍යත්වලාභීන්ගේ ගිණුම්වලට අද (01) දින බැර කර තිබෙනවා.

සිසුන් ලක්ෂයේ ශිෂ්‍යත්ව වැඩසටහනට සහ පිරිවෙන් සහ සීල මාතා අධ්‍යාපන ආයතනවල අධ්‍යාපනය ලබන සිසුන් සඳහා දැනට මාසික වාරික මුදල් ගෙවනු ලබන ශිෂ්‍යත්වලාභීන්ට අමතරව ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම සඳහා සුදුසුකම් ලැබ ඇති එහෙත් ජනාධිපති අරමුදල වෙත ප්‍රමාදවී ලැබී ඇති අයදුම් පත්‍ර සම්බන්ධව ගෙවීම් කිරීම සඳහා අවශ්‍ය කටයුතු මේ වන විට සිදුකරගෙන යන අතර එම සියලුම ශිෂ්‍යත්වලාභීන් සඳහා 2024 අගෝස්තු මාසයේ හිඟ වාරික මුදල් ද සමඟ ශිෂ්‍යත්ව වාරික මුදල් ගෙවීම සිදු කිරීමට නියමිතයි.

ඒ අනුව මෙම ශිෂ්‍යත්ව වැඩසටහන් සඳහා දළ වශයෙන් සිසුන් 116,000 කට පමණ රුපියල් මිලියන 5,000කට වඩා වැඩි මුදලක් ගෙවීම් කිරීමට අවශ්‍ය කටයුතු ජනාධිපති අරමුදල විසින් සිදු කෙරෙනවා.

ශිෂ්‍යත්ව ලක්ෂයේ වැඩසටහන සඳහා පාසල් මට්ටමෙන් සිසුන් තෝරා ගෙන ඇති බැවින් අයදුම් පත්‍ර ප්‍රමාද වීම හෝ බැංකු ගිණුම් සම්බන්ධව පවතින ගැටලු මත මෙතෙක් ශිෂ්‍යත්ව ප්‍රදානයන් ලැබී නොමැති එහෙත් සුදුසුකම් ලැබූ ශිෂ්‍යත්වලාභීන් සඳහා ගෙවීම් කිරීම පිළිබඳ කටයුතු 2024 අගෝස්තු මස තුළ සිදුකරනු ලබන අතර ඒ පිළිබඳ විස්තර ජනාධිපති අරමුදලේ නිල ෆේස්බුක් පිටුවේ පළ කිරීමට නියමිතයි..

ඒ අනුව ජනාධිපති අරමුදලේ නිල ෆේස්බුක් පිටුව වන www.facebook.com/president.fund පිටුව වෙත යොමු වීමෙන් මේ පිළිබඳ වැඩිදුර විස්තර ලබා ගත හැකියි.

කොරෝනා නිසා අතරමග නැවතුණු ව්‍යාපෘති 171ක් යළි අරඹන්න කටයුතු

No comments 0

 

කොරෝනා වසංගතය හා ආර්ථික අර්බුදය හේතුවෙන් තාවකාලිකව නතර වී තිබූ මහා පරිමාණ ව්‍යාපෘති 171 ක් මේ වන විට යළි ආරම්භ කර ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ මින් ව්‍යාපෘති 58 ක් මේ වසර තුළ හා ලබන වසර තුළ අවසන් කිරීමට ද සැලසුම් කර ඇති බවයි. 

ඒ අනුව පානීය ජලය, සෞඛ්‍ය හා අධ්‍යාපනය, මාර්ග වැනි ක්ෂේත්‍ර වලට අදාල ව්‍යාපෘති 58 ක් මෙලෙස මේ වසර තුළ අවසන් කිරීමට අපේක්ෂිතයි.

මේ වන විට ක්‍රියාත්මක ව්‍යාපෘති 171ට මේ වසරේ අළුතින් සැකසූ විදේශ ප්‍රධාන ව්‍යාපෘති 02 ක්, විදේශ ණය ව්‍යාපෘති 03 ක්, දේශීය අරමුදල් වලින් ක්‍රියාත්මක ව්‍යාපෘති 03 වශයෙන් ව්‍යාපෘති 08 ක්ද ඇතුළත් වනවා.

මුදල් අමාත්‍යාංශ වාර්තා (Activate Window) අනුව එම ව්‍යාපෘති 08 ද ඇතුළත්ව ලබන වසරේ නිම කිරීමට අපේක්ෂිත ව්‍යාපෘති සංඛ්‍යාව 113කි.

කොවිඩ් වසංගත තත්ත්වය හා ඉන් පසුව එළැඹි දැඩි ආර්ථික අර්බුදයත් හේතුවෙන් මෙරට මහා පරිමාණ ව්‍යාපෘති රැසක් අතරමග නතර වූ අතර විදේශ ආධාර හා ණය මත ක්‍රියාත්මක ව්‍යාපෘති ද විය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පත් වීමේන් පසු මෙම ව්‍යාපෘති යළි ආරම්භ කිරිමට පැවති ගැටලු විසඳා දීමට මැදිහත් වූ බවත් ඇමතිවරයා එම නිවේදනයේ සඳහන් කරනවා.

මේ වසර තුළ අවසන් කිරීමට නියමිත සියලුම සංවර්ධන ව්‍යාපෘති මෙම වසර තුළ ම අවසන් කිරීම රජයේ ඉලක්කය වනවා.

එමගින් ඉදිරි වසරවලදී යෝජිත නව ව්‍යාපෘති ආරම්භ කිරීමට ඉඩ ලැබෙන බව ඇමතිවරයාගේ අදහස වනවා.

''රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා රටේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමට පියවර අරන් තිබෙන බවට හොද සාක්ෂියක් තමයි මේ අතරමග නැවතුණු ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම. රට නැවත සංවර්ධනයේ මාවතට ඇතුළත් වී තිබෙන බවට එය කදිම නිදසුනක්. විපක්ෂය මොන මොන අවලාද නැගුවත් වත්මන් ජනාධිපතිවරයා යටතේ රට යථා තත්ත්වයට පත්වෙමින් තිබෙනවා." යැයිද ඇමතිවරයා වැඩිදුරටත් පැවසුවා.




තවත් හමාස් ප්‍රබලයෙක් ඝාතනය කෙරේ

No comments 0

හමාස් සංවිධානයේ හමුදා අංශයේ නායකයා ලෙස සැලකෙන මොහොමඩ් ඩේයිෆ් ව ඝාතනය කළ බව ඊශ්‍රායලය නිල වශයෙන් නිවේදනය කළා.

පසුගිය 13 වනදා ගාසා තීරයට එල්ලකළ ගුවන් ප්‍රහාරයකින් ඔහු ඝාතනය වී තිබුණා.

ගාසා තීරය ඛාන් යුනිස් ප්‍රදේශයේ පිහිටි ගොඩනැගිල්ලක් තුළ ඔහු සිටින විට ඊශ්‍රායල හමුදාව එල්ලකළ ගුවන් ප්‍රහාරයකින් ඔහු මියගොස් ඇති බව වාර්තා වනවා.

සූදුපොළක් වටලන්න ගිය පොලිස් නිලධාරීන්ට ප්‍රහාරයක්

No comments 0

 වැල්ලවාය ඌව කුඩාඔය පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් ඌව කුඩාඔය තිස් අට ප්‍රදේශයේ නිවසක සූදුපොලක් පවත්වාගෙන යන බවට ලද තොරතුරක් අනුව එම සූදු පොල වැටලීමට ගොස් තිබෙනවා.

එම අවස්ථාවේ දී එහි සිටි පිරිසක් විසින් පොලිස් නිලධාරීන් දෙදෙනාට පහර දී ඇති අතර පහරදීම නිසා තුවාල ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනා ප්‍රතිකාර සඳහා වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඊට අමතරව සැකකාර නිවසේ සිටි පුද්ගලයාද පොලීසිය තමන්ට පහර දුන් බව පවසා තණමල්විල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කිසිවෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් කුඩාඔය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදුකරනවා.

හමාස් නායකයාගේ ඝාතනයට පළිගන්න ඉරානය සුදානමින්

No comments 0

 

ඉරානයේ දී සිදුවූ හමාස් නායක ඉස්මයිල් හනියේගේ ඝාතනයට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලයට ප්‍රතිප්‍රහාර එල්ල කරන ලෙසට ඉරාන අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි නියෝග කර තිබෙනවා.

ඉස්මයිල් හනියේගේ ඝාතනය දැඩිව විවේචනය කරන ඉරාන අධ්‍යාත්මික නායකයා හදිසියේ රැස්වූ ඉරාන අධ්‍යාත්මික ජාතික ආරක්ෂණ කවුන්සිලය මෙම නියෝගය ලබා දී තිබුණා.

ඉස්මයිල් හනියේගේ ඝාතනය සම්බන්ධයෙන් යුක්තිය ඉටුකිරීම තමන්ගේ වගකීම වන බව අධ්‍යාත්මික නායකයාගේ මතයයි.

මෙවන් පසුබිමක සිය නායකයාගේ ඝාතනය මැද පෙරදිග යුද ගැටුම් වෙනත් දිශානතියකට යොමු කරනු ඇති බව හමාස් සංවිධානය පවසනවා.

හනියේ ඝාතන සැලසුම පිළිබඳව තමන් දැනුවත්ව නොසිටි බව පවසන අමෙරිකාව අවධාරණය කරන්නේ ඊශ්‍රායල - හමාස් යුද ගැටුම් සම්බන්ධයෙන් වහාම සටන් විරාමයක් අත්‍යවශ්‍ය බවයි.

ඊශ්‍රායලය තමන්ට එල්ල වන චෝදනා පිළිබඳව මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැතත් විදෙස් රටවලදී සිය සතුරන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් කුප්‍රකට ඉතිහාසයක් ඊශ්‍රායලයට පවතිනවා.


පතිරණ ට සහ මදුශංක ට එක්දින තරගාවලිය අහිමිවෙයි

No comments 0

 

ආබාධයන්ට ලක්වීම හේතුවෙන් වේගපන්දු යවන්නන් වන මතීෂ පතිරණ සහ ඩිල්ෂාන් මදුශංක ඉන්දියාව සමග පැවැත්වෙන එක්දින ජාත්‍යන්තර තරගාවලිය සඳහා සහභාගී නොවන බව වාර්තා වනවා 

මදුශංක වම් පාදයේ ආබාධයකට ලක්ව ඇති අතර පතිරණගේ දකුණු උරහිස ආබාධයකට ලක්ව ඇති බව සඳහන්.

 ඔවුන් දෙදෙනා වෙනුවට මොහොමඩ් ශිරාස් සහ එෂාන් මාලිංග ව සංචිතයට කැඳවා ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවා.

එසේම කුසල් ජනිත්, ප්‍රමෝද් මදුශාන් සහ ජෙෆ්රි වැන්ඩසේ ව ශ්‍රී ලංකා එක්දින සංචිතයට එක කිරීමට ද තීරණය කර තිබෙනවා.

 තරග තුනකින් සමන්විත එක්දින ජාත්‍යන්තර තරගාවලියේ පළමු තරගය හෙට (02) කොළඹ ඛෙත්තාරාම ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

ලොකු පැටී , කංජිපානි සහ රොටුඹ අමිලත් කොටුවෙති ?

No comments 0

 

ලොකු පැටී සමග සිටි කංජිපානි ඉම්රාන් හා රොටුඹේ අමිල රුසියාවට පළා ගොස් සිටියදී එරට ආරක්ෂක අංශ මඟින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා 

මේ පිළිබඳව මෙරට ආරක්ෂක අංශ මෙතෙක් නිල වශයෙන් දැනුවත් වී නොමැත.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ඒ පිළිබඳව තහවුරු කරන ලෙස ජාත්‍යන්තර පොලීසියෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

එසේම ක්ලබ් වසන්ත ඝාතනයේ ප්‍රධාන සැකකරු ලෙස සැලකෙන සුජීව රුවන් කුමාර නොහොත් ලොකු පැටී නැමැත්තා බෙලරූස්හී දි ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

ඉම්රාන් හා රොටුඹේ අමිල මාකඳුරේ මධූෂ් සමග ඩුබායීහීදී අත්අඩංගුවට පත්ව මෙරටට පිටුවහල් කළ අතර අනතුරුව ඔවුන් දෙදෙනා අධිකරණයෙන් ඇප ලැබීමෙන් පසුව මෙරටින් පළා ගොස් විදෙස් රටක සැඟව සිටියා.

මෙම සැකකරුවන් සියලුදෙනාම පොලීසියට අත්‍යාවශ්‍ය අපරාධකරුවන් බව පොලීසිය පවසනවා.




© all rights reserved
made with by templateszoo