සජබයට මුස්ලිම් කොංග්‍රසයේ සහයත්

No comments 0



 මෙවර ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සහාය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට හිමිවන බව එම කොංග්‍රසයේ  ජාතික සංවිධායක ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එස්.තවුපික් මහතා පවසනවා.

දැනටමත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සමගි ජනබල වේගය සමග කටයුතු කරන අතර තම පක්‍ෂයේ උත්තරීතර මණ්ඩලය සහාය දෙන්නේ කාටදැයි අවසන් තීරණයකට එළඹ නැතත් උත්තර  මණ්ඩලයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට කටයුතු කරන බවට විශ්වාසයක් තමන් තුල පවතින බව ජාතික සංවිධායකවරයා කීවා.

පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රාවුප් හකීම් මහතා ඇතුළු පිරිස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  මහතා සමඟ දැනටමත් එක්ව කටයුතු කරණ නිසා උත්තරීතර මණ්ඩලයේ සහයද සජිත් ප්‍රේමදාස මහතාට ලැබෙන බව ජාතික සංවිධායක එම්.එස්.තවුපික් මහතා විශ්වාසය පල කළා.

පාපන්දු පිටියකට රොකට් ප්‍රහාරයක්

No comments 0

 

ඊශ්‍රායල පාලනයේ පවතින ගෝලාන් කඳුකරයේ පිහිටි ගම්මානයක පාපන්දු පිටියකට එල්ල වූ රොකට් ප්‍රහාරයෙන් අවුරුදු 10 ත් විස්සන් අතර වයස්වල පසුවන 12 දෙනෙකු ඊයේ (28) මියගියා.

එහිදී මියගිය දරුවන්ගේ සහ තරුණයින්ගේ අවමංගල්‍ය උත්සවය සඳහා දහස් ගණනක ඊශ්‍රායල වැසියන් පිරිසක් සහභාගිවී තිබෙනවා.

මෙම ප්‍රහාරයට හිස්බුල්ලා සංවිධානය වග කිවයුතු බවටයි ඊශ්‍රායලය චෝදනා කළේ.

ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙන ගුවන් ප්‍රහාර රැසක් ඊශ්‍රායල හමුදාව විසින් එල්ල කරනු ලැබුවා.

මෙම සිදුවීමත් සමග දෙපාර්ශ්වය අතර දේශසීමාවේ පවතින ගැටුම් උත්සන්න වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.

ලෝක නායකයින් රැසක් මෙම ප්‍රහාරය හෙළා දැක තිබූ අතර, හිස්බුල්ලා සංවිධානය ප්‍රහාරය සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා ප්‍රතික්ෂේප කර තිබෙනවා.

අගෝස්තු මාසයේ දී වාහන ආනයනයට අවසර

No comments 0

 

වාහන ආනයනය සඳහා අවසර ලබාදීම එළැඹෙන අගෝස්තු මාසයේ දී සිදුකරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා.

ඒ අනුව මූලික අදියරේ දී ව්‍යාපාර සහ ප්‍රවාහනයට අවශ්‍ය වාහන ආනයනය සඳහා අවසරය ලබාදෙන බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවා.

එහිදී රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ,

" මේ මැතිවරණයක් ඉල්ල කර ගෙන ආපහු ආනයන සීමා පනවන තැනට රට මෙහෙයවන්න රජයකට බැහැ. එතකොට මූලිකත්වය ලබා දුන්නේ  වාහන හැර අනෙක් සියලු ම සීමා ලිහිල් කළා. වාහන සීමා ලිහිල් කිරීම සම්බන්ධයෙන් අගෝස්තු මාසේ වෙනකොට රජයේ ස්ථාවරය අදියර වශයෙන් වාහන කොහොමද ආනයනය සීමා ඉවත් කරන්නේ කියන කාරණය අපි දැනුම් දෙනවා. අපි බලාපොරොත්තු වෙන්නේ මුල් වටයට ව්‍යාපාර කටයුතු සහ ප්‍රවාහනයට අවශ්‍ය ඒ වාහන වලට අවසරය ලබා දෙන්න. හැබැයි අපි පෞද්ගලික වාහන පරිභෝජනය සඳහා ආනයනය කරන්න බලාපොරොත්තු වන්නේ 2025 පළමු කාර්තුවේ."  යනුවෙනි.


තැපෑලේ වියදම් ඇස්තමේන්තුව මැතිවරණ කොමිසම ට

No comments 0

 

ජනාධිපතිවරණය සඳහා තැපැල් දෙපාර්තමේන්තුවේ වියදම් පුරෝකථනය කරමින් රුපියල් බිලියන 1.4 ඇස්තමේන්තුවක් මැතිවරණ කොමිසම වෙත යොමුකර තිබෙනවා.

නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා මේ බව පැවසුවා.

ඒ මහතා සඳහන් කළේ සාමාන්‍ය තැපැල් ගාස්තු, ලියාපදිංචි තැපැල් ගාස්තු, ලිපිද්‍රව්‍ය සඳහා වියදම්, ප්‍රවාහන වියදම් සහ පරිපාලන ගාස්තු ආදිය ඇතුළු වියදම් රැසක් සඳහා මෙම ඇස්තමේන්තුව යොමුකළ බවයි.

කෙසේ වෙතත් මෙම ඇස්තමේන්තුව පුරෝකථනයක් පමණක් බැවින් ඉල්ලුම් කළ මුදල් ප්‍රමාණය වෙනස්විමේ හැකියාවක් පවතින බව ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.





කාලගුණයෙන් රතු නිවේදනයක්

No comments 0

ඉදිරි පැය 24 සඳහා තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව, අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් අරාබි මුහුදු ප්‍රදේශය සහ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ඉතා රළු විය හැකි බව එහි සඳහන් වනවා.

එම දෙපාර්තමේන්තුව පැවසුවේ අරාබි මුහුදු ප්‍රදේශයේ උතුරු අක්ෂාංශ 1ත් 20 ත් සහ නැගෙනහිර දේශාංශ 55 ත් 67 ත් අතර මුහුදු  ප්‍රදේශ වල පැයට කිලෝමීටර් 70 – 80 ඉතා තද සුළං පැවතිය හැකි අතර මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බවයි.

මේ හේතුවෙන් අදාළ ප්‍රදේශයේ ධීවර හා නාවික කටයුතුවල යෙදී සිටින පිරිස් වහාම ගොඩබිම හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.

එම මුහුදු ප්‍රදේශයට නැවත දැනුම්දෙන තුරු යාත්‍රා නොකරන ලෙස එම දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවට දැනුම් දී තිබෙනවා.

මේ අතර, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවනවා. 

ඇතැම් ස්ථානවලමි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකියි.

වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවනවා.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (50-55) ක පමණ තද සුළං ඇතිවිය හැකියි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකියි.

හබරාදූවේ වෙඩි තැබිමක්

No comments 0

හබරාදූව - හරුමල්ගොඩ ප්‍රදේශයේ සිදු කළ වෙඩිතැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින්  ඊයේ (28) රාත්‍රී තානායමක් ඉදිරිපිට දී පුද්ගලයින් දෙදෙනෙකු ඉලක්ක කර ගනිමින් පිස්තෝල වර්ගයේ ගිනි අවියකින්  වෙඩි තැබීම සිදුකර පළාගොස් තිබුණා.

වෙඩිවැදිමෙන් එක් අයෙකු තුවාල ලබා ඇති අතර, ඔහු ත්‍රීරෝද රථයකට නැගීමට උත්සාහ කිරිමේදි වෙඩික්කරුවන් ත්‍රීරෝද රථයටද වෙඩිප්‍රහාරයක් එල්ලකර තිබෙනවා.

එහිදී ත්‍රිරෝදරථයේ රියදුරුට ද වෙඩි වැදී තිබෙනවා.

කෙසේවෙතත් ඔහු රථය නොනවත්වා රෝහල වෙත ධාවනය කර තිබු බව පොලීසිය සඳහන් කළා.

වෙඩිවැදිමෙන් 34 සහ 54 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර, ඔවුන් හබරාදූව සහ අගුළුගහ ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය පවසනවා.

ඉන්දීය කණ්ඩායම පැරදවූ අපේ සිංහ ධේනුවන්

No comments 0



ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම පරාජයට පත් කරමින් 2024 ආසියානු කාන්තා ක්‍රිකට් ශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් වුණා.

මෙලෙස ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මෙමශූරතාවය දිනා ගත්තේ පළමුවතාටයි.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම සිය පන්දු ඕවර 20දී කඩුලු 6ක් දැවී ලකුණු 165ක් රැස් කළා.

ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු ඕවර 18.4කදී කඩුලු 2ක් දැවී ලකුණු 167ක් ලබාගනිමින් තරගයේ ජය වාර්තා කිරීමට සමත් වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් චමරි අතපත්තු පන්දු 43කදී ලකුණු 61ක් ලබා ගත් අතර ජයග්‍රහණයේ නියමුවා වූ හර්ෂිතා සමරවික්‍රම නොදැවී ලකුණු 69ක් රැස් කළා. 

ඇයට අනගි සහයක් දුන් කවීෂා දිල්හාරි නොදැවී ලකුණු 30ක් ලබා ගත්තා. 

© all rights reserved
made with by templateszoo